(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමහර රටවලට තානාපතිවරුන් ලෙස හැරමිටියෙන් යන වයෝවෘද්ධ පුද්ගලයන් පත් කිරීම නිසා ඒ සේවය හෑල්ලුවට ලක්වූ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
එසේම පසුගිය කාලයේ දී එක්තරා රටකට පත් කළ තානාපතිවරයකු ශ්‍රී ලංකාවේ පොළොවෙ පය නොගසන අයකු බවත් ඔහු නිවාඩු ගත කිරීමට පවා යන්නේ ඇමරිකාවට බවත් සිරිසේන මහතා සඳහන් කළේය.
නොර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීම එතරම් හොඳ දෙයක් නොවන බවද හෙතෙම පැවසුවේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

