(යොහාන් භාසුර)
පෙට්‍රල් මිල පහත දැමීම සහ ඉන්ධන කෝටාව ඉහළ දැමීම පිළිබඳව අවධානය යොමු කර ත්‍රිරෝද රථ ගාස්තු පහත දැමීමට තීරණය කර ඇති බව ඇතැම් ත්‍රිරෝද රථ වෘත්තිය සමිති පවසයි.
ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 80 ක් ලෙස ත්‍රිරෝද ගාස්තුව සංශෝධනය කරන බව ද එම ත්‍රිරෝද රථ වෘත්තිය සමිති නියෝජිතයෝ කියති.
බොහෝ ත්‍රීරෝද රථ මේ වන විට පළමු කිලෝමීටරයට රුපියල් 120 ක් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 100 ක් අය කරයි.

