ත්‍රිරෝද රථයකින් සැකකටයුතු ලෙස ගමන්ගත් 3ක් අත්අඩංගුවට


(ඔගස්ටින් ප්‍රනාන්දු)       
 
පල්ලම මදවක්කුලම ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අද (26) සැක සහිතව ගමන් කළ ත්‍රිරෝද රථයක සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් කිසියම් මුස්ලිම් අන්තවාදී සංවිධානයක සාමාජිකයින්ය යන සැකයෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව පල්ලම පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් තිදෙනා කුරුණෑගල හා නම්මුවාව යන ප්‍රදේශයන්හි පංදිචි 30 - 35 ත් අතර වයස්වල පසුවන්නෝය.
 
සතියක පමණ කාලයක සිට මදවක්කුලම ප්‍රදේශයේ ඔවුන් රැඳී සිටි බවත් කුලී ත්‍රිරෝද රථයකින් මදවක්කුලමේ සිට අතුරු මාර්ග ඔස්සේ කුරුණෑගල බලා ගමන් ගත් බවත් පොලිසිය පවසයි.
 
මෙම තිදෙනා අයි එස් හෝ ජීහාඩ් වැනි අන්තවාදී සංවිධානයක සාමාජිකයින් බවට වන සැකයක් ඇති වූ බැවින් තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.