ත්‍රිරෝද රථ දෙවැනි කිලෝමීටර් ගාස්තුව 5 කින් අඩු කරයි


(මහින්ද නිශ්ශංක)

රජය තෙල්මිල අඩුකළ වහාම ත්‍රි රෝද රථ දෙවන කිලෝමීටර ගාස්තුව රුපියල් 5.00 කින් අඩුකිරිමට ලංකා ස්වයං රැකියා වෘත්තීකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය තීරණය කළ බව එම ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.

ඒ අනුව දැනට රුපියල් 40 ක් වන දෙවැනි කිලෝමීටර් ගාස්තුව රුපියල් 35 දක්වා අඩුවෙන බවද ඔහු කීය.