
(යොහාන් භාසුර)
‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස්’ ලෙස නව සමාගමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ඒකාබද්ධව පිහිටුවීමට තීරණය කර තිබේ.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉදිරියේදී මෙම ඒකාබද්ධ සමාගම හරහා පාලනය වන අතර ඊට අදාල ගිවිසුම මසක් ඇතුළත අස්සන් කිරීමට නියමිතය.
මෙම ගිවිසුමේදී ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස්’ සමාගමේ අයිතියෙන් සියයට 51 ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද, සියයට 49 ක් ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) හිමිවන බව වාර්තා වේ.

