(නිමල කොඩිතුවක්කු)
ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබාදිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.
වර්තමාන රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්ත විරෝධී පනතක් ගෙන ඒ්මේ උත්සාහය ජනතා විරෝධය හමුවේ හකුලා ගැනීමට තීරණය කලත් එම තීරණය තමා විශ්වාස නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මීට පෙරද ජනතා විරෝධය පැමිණි පනත් රජය විසින් හකුලා ගත්තත් පසුව තමන්ගේ බහුතරය උපයෝගී කර ගෙන ඒවා සම්මත කර ගත් බවත් ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කීවේය.
එබැවින් රජය විසින් මෙම ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් පැහැදිලි ලිඛිත නිවේදනයක් නිකුත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය විසින් මෙම පනත ගෙන ඒම හරහා අපේක්ෂා කරන්නේ ජනතාව විසින් තම අයිතීන් වෙනුවෙන් නැගී සිටීම වැළැක්වීමට බැවින් මේ නිසා ජනතාවට රටේ උත්තරීතර නීතිය මගින් ලබා දී ඇති මානව අයිතීන් පවා උල්ළංඝනය වන බවත් ඔහු සඳහන් කළේය.

