ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් ලංකාවට බිලියන 1.6ක්


පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ඌනතා මැඩපවත්වාගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ජපන් යෙන් බිලියන 1ක (රුපියල් බිලියන 1.6ක) අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.
 
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්. එච්.එස්. සමරතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින් ශ්‍රී ලංකාව සහ ජපන් රජය වෙනුවෙන් මෙම ගිවිසුම සඳහා අද(12) මුදල් අමාත්‍යංශයේදී අත්සන් තබන ලදී.
 
ජපන් රජය යටතේ, ‘ව්‍යාපෘති නොවන’ ප්‍රදානයක් වශයෙන් මෙම උපකරණ පිරිනැමෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.
 
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට අවශ්‍ය දිරිගැන්වීම් සපයමින් ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමෙහි කාර්ය ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා මෙම උපකරණ  පිරිනැමේ.

16844