තහනම් ඖෂධ ළඟ තබා ගත් පොලිස් සැරයන් මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බලපත්‍ර නොමැතිවනීති විරෝධී ලෙස තහනම් ඖෂධ අඩංගු කාඩ් 400ක තොගයක්ලඟ තබාගෙන සිටියේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකුගලිගමුව බල්ලපාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීකෑගල්ල කොට්ඨාශ අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් සැරයන්වරයා පොලිස් විශේෂ කාර්ය කාර්ය බලකායේ න්  විශ්‍රාම ලබා ගැනීම සඳහා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන සිටි අයෙක් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කෑගල්ල ආහාර හා ඖෂධ පාලක නිලධාරීන්ගේ නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය කියයි. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් තහනම් ඖෂධ තොගය සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.