(යොහාන් භාසුර)
ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 15 ක් අද (6) පස්වරුව වන විට පොලිසියට ලැබී තිබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මෙම සිද්ධීන් කොල්ලුපිටිය, කඩුවෙල, බලගොල්ල, රාගල, කැස්බෑව, මුන්දලම, කොස්ගම, ගල්කිරියාගම, මීගොඩ සහ ඌවපරණගම ආදි ප්‍රදේශවලින් වාර්තා වූ බවත් එම සිද්ධීන්වලින් වැඩි ප්‍රමාණයක් ගෑස් ලිප් පුපුරා යෑම් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

