තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් වෙයි


(යොහාන් භාසුර)
ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම භාණ්ඩ 300 සැප්තැම්බර් පළමු සතිය වන විට නම් කරන බව ද අමාත්‍යවරයා කීය.
ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ 1000 කට අධික සංඛ්‍යාවක පසුගිය මාස තුනක පමණ කාලය තුළ සීමා ඉවත්කිරීමට ආණ්ඩුව කටයුතු කළේය.