තවත් බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට


( නිමන්ති රණසිංහ )

ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිද්ධියට සම්බන්ධ බව කියන මෙම බුද්ධි නිලධාරියා ඒ වන විට ට්‍රිපෝලි කඳවුරට අනියුක්තව සේවය කර ඇති අතර උපාලි තෙන්නකෝන් මහතා ගමන් ගත් වාහනයේ ඇගිලි සළකුණු සමඟ මෙම නිලධාරියාගේ ඇගිලි සළකුණු ගැලපෙන බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
 
 ඒ අනුව මෙම සැකකරු අද (08) ගම්පහ  මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.