තවත් ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් කොළඹ වරායට


(මහින්ද නිශ්ශංක)

ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දියාවෙන් ආනයනය කළ හතරවන ද්විත්ව බලවේග කට්ටල දුම්රිය හා දුම්රිය එන්ජිමක් අද (23) කොළඹ වරායේ දී ගොඩබාන ලදී.

එස්- 13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රිය 6 ක් යනු එම් -11 වර්ගයේ එන්ජින් 10 ක් ඉන්දියාවෙන් ඇණවුම් කර තිබේ.

මීට පෙර ගෙන්වන ලද ද්විත්ව බලවේග කට්ටල 3 න් 2 ක් දැනට කොළඹ - කන්කසන්තුරය අතර ධාවනයට යොදවා ඇත.