මේ වසරේදී ඖෂධ වර්ග 100 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
එමෙන්ම පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිම ද සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
පසුගිය වසර කිහිපයේ දී ඖෂධ වර්ග 73 ක මිල අඩු කළ බවත්, මේ වසරේදී එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීම සිය අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන් රටේ 75% රෝගීන් මිය යන්නේ බෝ නොවන රෝගවලින් බවත් සඳහන් කළ අමාත්‍යවරයා ආහාර භාවිතයේදී ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතු බවද සඳහන් කළේය.
(36698)

