තවත් අපේක්ෂකයෝ 4ක් ඇප මුදල් තැන්පත් කරති


(රංජන් කස්තුරි)
 
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා තවත් අපේක්ෂකයෝ සිව්දෙනෙක් අද(30) මැතිවරණ කොමිසමට මුදල් තැන්පත් කළහ.
 
නව සමසමාජ පක්ෂය වෙනුවෙන් බැද්දේගමගේ නන්දිමිත්‍ර, සමාජවාදී සමානතා පක්ෂයේ වජිරපානී විජේසිරිවර්ධන, නව සිහළ උරුමය වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර සහ ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් රොහාන්  පල්ලෙවත්ත යන මහත්වරුන් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
 
ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 9ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 4දෙනෙකු ලෙස මුළු අපේක්ෂකයින් 13දෙනෙකු ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.