තව පොල්තෙල් සමාගම් තුනක් තත්ත්ව පරීක්ෂණයෙන් අසමත්


(යොහාන් භාසුර)

තවත් සමාගම් තුනකින් ආනයනය කළ පොල්තෙල් දෙවැනි තත්ත්ව පරීක්ෂණයෙන් ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා මෙම පොල්තෙල් දෙවැනි වරටත් සිදුකළ තත්ත්ව පරීක්‍ෂණය ද අසමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරියෙක් කීය.

සාමාන්‍යයෙන් ප්‍රමිති ආයතනය පොල්තෙල් තොගයකින් සාම්පල් දෙකක් ලබාගන්නා බවත් පෙර දිනයේදී තවත් සමාගමක ද දෙවැනි සම්පලයත් තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බවත් ඔහු සඳහන් කළේය.

අදාල ආනයනික සමාගමේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම තත්ත්ව පරීක්‍ෂාව අසමත් වීමට හේතුව බවත් එම තොග ප්‍රතිඅපනයන කරන ලෙස රේගුවට උපදෙස් දී ඇති බවත් හෙතෙම කීවේය.