
(සිතුම් චතුරංග)
රුපියල් කෝටි එකහමාරක මුදලකට තල්මස් ඇම්බර් කිලෝ දෙකයි ග්‍රෑම් 500 අලෙවි කිරීමට රැගෙනයමින් සිටි කාන්තාවක හා තවත් පුද්ගලයින් තිදෙනකු අද දින මුලතිව් වට්ටුවාක්කල් යුද හමුදා මාර්ග බාධකයේදී අත්අඩංගුවටගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
තල්මසා වමණය කිරීමෙන් අනතුරුව සැකසෙන මෙම ඇම්බර් කොටස් මුහුදේ පාවෙමින් තිබියදී සැකකරුවන් සොයාගෙන ඇති අතර මුලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුහට කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීම සඳහා රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
මෙම ඇම්බර්වලට මැදපෙරදිග රටවලින් වැඩි ඉල්ලුමක් පවතින බවත් සුවඳවිලවුන් සඳහා මේවා යොදා ගන්නා බව ද වාර්තා වෙයි.
මෝටර් රථයක්තුල සඟවා ඇම්බර් කොටස සැකකරුවන් රැගෙන එමින් සිටි බවත් පැවසීය.
සැකකාර කාන්තාව විදේශ සේවා ආයතනයක් පවත්වාගෙන යනු ලබන අතර සෙසු පිරිස ධීවරයින් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.


