
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තරුණයින් අතර දක්ෂ හා නවෝත්පාදන ව්‍යවසායකයින් හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීමට සැලැස්මක් සකස් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.
මෙම කමිටුව පත්කරනු ලැබඇත්තේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වන අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කෙරුණු අනු කාරක කාරක සභාව විසිනි.
ඒ එම අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද මෙම රැස්වීමට සහභාගී විය.
මෙම කමිටුවට ජාතික තරුණ සේවා සභාව, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, රජයේ බැංකු සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෝ ඇතුළත් වෙති.
දිවයින පුරා තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම කමිටුව රැස්වි විශිෂ්ට ව්‍යවසායකයින් තෝරාගෙන ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වැඩසටහනක් සකස් කරන බව අනුකමිටුවේ සභාපතිවරයා පැවසුවේය.

