තරුණයකුට මරු කඳවා පළාගිය ලොරිය සමඟ පුද්ගලයෙක් පොලිස්බාරයට


(හේමලතා ඞී හේවගේ)   

පන්නල  ඇලබඩගම බම්මන්න මාර්ගයේ ඉහළ  හොරවඩුන්න මන්සන්දියේදී  අද (28) සිදු වූ යතුරුපැදි අනතුරෙන් මියගිය තරුණයා පැදවූ යතුරුපැදිය යටකර පලාගිය ලොරි රථය දහවල් බම්මන්න ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයානෙ ඇත.

ලොරිය පැදවූ පුද්ගලයාද    පොලිස්බාරයට ගෙන තිබේ.

අනතුරින්  මියගොස් ඇත්තේ දඵපත්ගෙදර මැල්ලවගෙදර ප‍්‍රදේශයේ පදිංචි මාකනන්දෙනලාගේ චාමර ඉඳුනිල් නැමති 22 හැවිරිදි අවිවාහක තරුණයෙකු වන අතර ඔහු තම පෙම්වතිය මුණගැසීම සදහා යන අතරතුරදී මෙම අනතුරට මුහුණපා ඇති බවද පොලීසිය පවසයි.

ලද තොරතුරකට අනුව මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සිද්ධිය සිදුවූ ස්ථානය ආසන්නයේ පිහිටි වෙළඳසැල්වල සවිකර ඇති සී සී ටී වී කැමරා දර්ශන උපයෝගී කරගනිමින් අනතුර සිදුකර පලාගිය ලොරි රථය සොයාගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.