තරුණයකු ඝාතනයට දස දෙනෙක් පෝරකයට


වසර දාහතරකට පෙරදී  තරුණයකු අමානුෂික අයුරින් ඝාතනය කළ කාන්තාවන් තිදෙනකුට සහ පිරිමින් හත්දෙනකුට  ඇඹිලිපිටිය පූර්වගාමි මහධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද මරණ දඩුවම නියම කළේය.

ඇඹිලිපිටිය මුල්ලෙගස්‍ යාය ප්‍රදේශයේ දී 2011වසරේ දිනක විජේසිංහ ආරච්චිගේ වර්ණ ධම්මික නයන කුමාර නැමැති තරුණයාට ගල්මුල්වලින්, පොරවකින්, පිහියකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන්  වරදකරුවන් කරනු ලැබීය.

එක් විත්තිකරුවකු සහ විත්තිකාරියක නිදහස් කිරීමට ද විනිසුරු වරයා නියෝග කළේය.

මෙසේ මරණ දඩුවම නියම වූයේ , ඇඹිලිපිටිය, මුල්ලෙගස්‍ යාය ලිපිනයේ පදිංචි සුබසිංහ පතිරණගේ දියෝනිස් , සුබසිංහ පතිරණගේ ආරියවතී නොහොත් හීන්නැන්දා නොහොත් ආරී, සුබසිංහ පතිරණගේ විමලදාස නොහොත් පුංචි බාප්පා, ජයවීර ආරච්චිගේ සරත් නොහොත් සරත් මාමා, සුබසිංහ පතිරණගේ අමරසේන නොහොත් කිරි බාප්පා , ජයවීර ආරච්චිගේ ශෂී කුමුදු සුරංග නොහොත් නිස්සංක අයියා, සුබසිංහ පතිරණගේ අන්ද්‍රයස් අප්පුහාමි නොහොත් ලොකු තාත්තා නොහොත් සොකරි ලොක්කා, සුබසිංහ පතිරණගේ දිමුතු සුරංග, සුබසිංහ පතිරණගේ චින්තා නිමාලි නොහොත් සුබසිංහ පතිරණගේ නිමාලි චින්තනී, සුබසිංහ පතිරණගේ කරුණාවතී ඥාතීන් පිරිසකි.

(අජිත්ලාල් ශාන්ත උදය, ජයන්ත නානායක්කාර සහ  රෝහණ සමරවීර)