
( රොමේෂ් මධුෂංඛ)
යාපනය චාවකච්චේරි හින්දු විද්‍යාලයේ වාර්ෂික මැරතන් තරඟයේ තරඟකරුවන් දිරිගැන්වීම සඳහා සිය පාපැදියෙන් මාර්ගයේ ගමන්ක රමින් සිටියදී ලංගම බස්රථයක පා පැදිය ගැටී සිදු අනතුරින් 18 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය මීෂාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙකු වූ එස්.ප්‍රනීදරන් බවට හඳුනාගෙන ඇතැැැ පොලීසිය කියයි.
අනතුරේදී බස්රථයේ වේගය රියුදුරුට පාලනය කරගැනීමට නොහැකිව අසල තල්ගසක වැදී බස්රථය නැවතී අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.


