තමන්ට ජීවිත තර්ජන පවතින බව ජනපති කියයි


(ක.ග.කරුණාරත්න)
 
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ හා ඊට ලබාදෙන නායකත්වය හේතුවෙන් එය අඩාල කිරීමට සහ තමන් විනාශ කිරීමට විශාල කුමන්ත‍්‍රණ තිබෙන බවත් ජීවිත තර්ජන පවා එල්ලවී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (02) පොළොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.
 
ඒ පිටුපස සිටින්නේ ඒවාට වියදම් කරන්නේ කුඩු ජාවාරම්කාරයින් බවද ජනාධිපතිවරයා කීය.
 
මත්ද්‍රව්‍ය සටන අඩපණ කරන්නට විශාල පිරිසක් අද උසාවි යන බවත් මානව හිමිකම් බාස්ලා හිරගෙදර ඉන්න මත්කුඩු ජාවාරම්කාරයින් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන තිබෙන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
මත්කුඩු ජාවාරම්කාරයින් වෙනුනේ සමාජ මාධ්‍ය ජාලා විශාල වශයෙන් පෙනී සිටින බවත් ආණ්ඩුව, විපක්‍ෂය එන්. ජී.ඕ. සහ තවත් බොහෝ අය විශාල වශයෙන් පහර දෙන්නට පටන්ගෙන තිබෙන බවත් පැවැසීය.

ඉහළ දේශපාලන නායකයින් කෝටි ප‍්‍රකෝටි ගණන් හොරකම් මංකොල්ල දූෂණ කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව පත්කළ ජනාධිපති කොමිසමේ වර්තාව අද (02) දිනයේ තමන්ට ලැබුණු බවත් එහි හොඳ හොඳ සෙල්ලම් තිබෙන බවත් පැවැසීය.