තබ්බෝවේ වාන් දොරටු 18ක් ඇරේ


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

තබ්බෝව ජලාශයෙ වාන් දොරටු 18 ක් අද( 27 ) උදෑසන වන විට විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි.

එක් වාන් දොරටුවක් අඩි හතර බැගින් වාන් දොරටු 18 ක් මෙලෙස විවෘත කර ඇති බවත් බවත් එයින් තප්පරයට ඝණ අඩි 11200 ක ජල කදක් නරි ඔයට මුදා හැරිමට කටයුතු කර ඇති බව වාරි මාර්ග නිළධාරින් පවසයි.

මෙම දැවැන්ත ජල කද නරිඔය දිගේ විත් මීයට වැටිමේන් පසු නැවත පුත්තලම හා වනාතවිල්ලුව ගම්මාන යට කරමින් පුත්තලම කලපුවට ගලා යාම සිදුවෙයි.

මේ හේතුවෙන් පුත්තලම හා වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ වල දැවැන්ත ගං වතුර අවධානමක් ඇති වි ඇති බවත් පිඩාවට පත්වු ජනතාව වෙත සහන සැලසිමට කටයුතු කරමින් ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා නිළධාරීන් හා අපදා කළමණාකරණ ඒකකය පවසයි.