
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තානාපතිවරයකු සහ ලේකම්වරුන් පස් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ අනුමැතිය අද (15) හිමිවිය.
මේ අනුව ඉන්දුනීසියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.
මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර , වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ආර්.එම්.සී.එම්. හේරත් සහ මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ජේ.එස් චන්ද්‍රගුප්ත සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.පී.ඒ. විමලවීර යන මහත්වරුන් පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට අමාත්‍යවරුන්වන (ආචාර්ය) බන්දුල ගුණවර්ධන,ඩග්ලස් දේවානන්ද, ගරු විදුර වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, රමේෂ් පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන තලතා අතුකෝරල, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුප්ල්ලේ, ජෝන් සෙනවිරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

