තදබල රෝග ලක්ෂණ නැති දරුවන්ට නිවසේදී ප්‍රතිකාර


(රංජන් කස්තුරි)

තදබල රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිත දරුවන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇතැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

එවැනි දරුවන්ට නිවසේ දී හැකිතාක් දියරමය ආහාර ලබා ලබාදීම හා විවේකය අවශ්‍ය බවද දීපාල් පෙරේරා මහතා කීය.

යම් හෙයිකින් එවැනි දරුවකුගේ ශරීර උෂ්ණත්වය ඉහළ ගියහොත් පැරසිටමෝල් නියම මාත්‍රාවට ලබා දී රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය බවද දීපාල් පෙරේරා මහතා පැවසීය.

මේ වන විට ඩෙංගු රෝගය ද පැතිර යමින් තිබෙන හෙයින් දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය බව ද දීපාල් පෙරේරා මහතා කීය.