( එම් .සුසිල් ප්‍රියන්ත හා රවී ලියනගේ )
බද්දෙගම වාරිමාර්ග යාන්ත්‍රිය ප්‍රාදේශිය ඉංජිනේරු අංශය නිර්මානය කල ස්වයංක්‍රීයව තත්පර දහයෙන් විෂබිජහරණය කිරීමේ කුටිය අද (15 ) කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කලේය .
ස්වයංකීය විසබීජහරණය කිරීමේ කුටියක් කරාපිටිය රෝහලේ ස්ථාපිත කරනු ලැබූවේ මේ පලමු වරටය.
මෙතෙක් කලක් එම රෝහලට මෙවැනි විසබීජහරණය කිරීමේ කුටියක් නොතිබිණි .
බද්දෙගම වාරිමාර්ග ප්‍රාදේශිය යාන්ත්‍රිය ඉංජිනේරු කාර්‍යාලයේ නිලධාරීන් රුපියල් 120,000ක සිය පුද්ගලික ධනය මේ සදහා වැය කර තිබේ.
වෙනත් රෝහලකට මෙවැනි කුටියක් අවශ්‍යවේ නම් ඒ සදහා අවශ්‍ය බඩු බාහිරාදිය දුනහොත් තමන්ට මේ කුටිය නොමිලයේ සාදා දිය හැකි බව බද්දෙගම වාරිමාර්ග ප්‍රාදේශීය යාන්ත්‍රීය ඉංජිනේරු කාර්‍යාලයේ ස්ථානභාර ප්‍රධාන ඉංජිනේරු අංජුල ප්‍රේමරත්න මහතා පැවසීය .



