සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
තණකොළ කැපීම සදහා යොදාගන්නා මැෂිමක් පණ ගන්වා දෙදෙනකු කපා බරපතල තුවාල සිදු කල සැකකරුවෙකු අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
බලන්ගොඩ මැද්දෙකන්ද වතුයායේ කබරගල ප්‍රදේශයේ පදිංචි විිරසාමි රවිචන්ද්‍රන් නැමැති (38) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉකුත් 13 වැනිදා මැද්දෙකන්ද කබරගල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකදි සැකකරු විසින් තණකොළ කැපිම සදහා යොදාගන්නා මැෂිමක් පනගන්වා දෙදෙනකු කපා බරපතල තුවාල සිදු කර ඇති බව පොලිසිය කියයි.
එම ගැටුමෙිදි ( 39 )හැවිරිදි මාරිමුත්තු ධර්මරත්න නැමැති අයෙකුගේ ගෙල ප්‍රදේශයට බරපතල කැපුම් තුවාල සිදු විම හේතුවෙන් ඔහු බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරව වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහ රෝහල වෙත මාරැකර යවා ඇත.
මේ අතර (46) මාරිමුත්තු සින්නදොරෙයි නැමැති අනිත් පුද්ගලාගේ අතකට කැපුම් තුවාල සිදු විම හේතුවෙන් ඔහු බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබති.
මෙලෙස රෝහල් ගත කර ඇති දෙදෙනා සහෝදරයන් දෙදෙකු බවද බලන්ගොඩ පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

