ණය ප්‍රශස්තකරණයේදී පිළිගන්නේ පාර්ලිමේන්තු උපදෙස් පමණයි


(අංජුල මහික වීරරත්න)

ණය ප්‍රශස්තකරණය කිරීමේ දී  පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශ්වයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රජයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

කොළඹ  පදනම් ආයතනයේ දී මෙම සමුළුව පැවැත්විණි.