ණය අයකර ගැනීමේ ක්‍රියාවලියට රජය මැදිහත් විය යුතුයි


(රංජන් කස්තුරි)

වානිජ බැංකුවල ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය බව ශ්‍රී ලංකා බැංකු  සංගමය සඳහන් කරයි.

බැංකු මගින් ඉකුත් මාර්තු මස  31 වැනි දින වන විට ලබාදී ඇති දළ ණය වටිනාකම රුපියල් ට්‍රිලියන 10.8ක් වන බව ද ඉන් සහන හා ප්‍රතිව්‍යුහගත කිරීම්වල වටිනාකම රුපියල්  ට්‍රිලියන 2 ඉක්මවන බව ද ශ්‍රී ලංකා බැංකු සංගමය කියයි. 

ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට ණය ආපසු ගෙවීමට නොහැකි වී ඇති අතර මුදල් ණයට දුන් තැන්පත්කරුවන්ගේ අභිවෘද්ධිය නොතකා ණය ගැතියන්ගේ අවශ්‍යතාවය පමණක් ප්‍රමුඛත්වය දීම සාධාරණ නොවන බව ද එම සංගමය කියයි. 

අගතිය පත් ණය ගැතියන් හා ව්‍යාපාරිකයන්  පිළිබඳව තීරණය ගැනීමේදී ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රධානත්වයෙන් වාණිජ බැංකු සමග එක්ව ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු බව ද ශ්‍රීලංකා බැංකු සංගමය සඳහන් කරයි.