ඩොලර් ගලනය සියයට 69 කින් වර්ධනය වේ


(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 482.4 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 4,345.1 ක මුදලක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 සමඟ සංසන්ධනය කිරීමේදී සියයට 68.8 වර්ධනයක් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.