(විමුක්ති එස් රුද්‍රිගු)
පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සහ ගැනුම් මිල අද (24) තවත් පහළ ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.98 ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 311.23 ලෙස සටහන් විය.

