(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වසරේ මේ දක්වා කාලයේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 කි.
ඒ අනුව ජූලි මාසයේ ඊයේ (24) දින දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,530කි.
වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,135ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5574ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 42,835කි.
දකුණු පළාතේ රෝගීන් 12,260ක් ද මධ්‍යම පළාතෙන් රෝගීන් 6924ක් ද වාර්තාවී ඇති බව එම ඒකකය නිවේදනය කළේය.

