(රංජන් කස්තුරි)
ඩෙංගු උණ රෝගය සම්බන්ධයෙන්, ජපානය අත්හදාබලමින් තිබෙන ප්‍රතිශක්තිකරණ එන්නත සාර්ථක වී ඇතැයි එම විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන ජපානයේ ටකේඩා සමාගම සඳහන් කරයි.
ඩෙංගු උණ රෝගය වෙනුවෙන් අත්හදා බැලෙමින් තිබෙන ටෙට්‍රවාලන්ට් ප්‍රතිශක්තිකරණ ඩෙංගු එන්නත් පරීක්ෂාවේ මූලික පියවර සාර්ථක යැයි නව එංගලන්ත වෛද්‍ය සභාවේ සඟරාවෙහි සඳහන් කර ඇත.
වයස අවුරුදු 4 සිට 16 දක්වා ළමුන් යොදාගනිමින් මෙම විද්‍යාත්මක පරීක්ෂණය සිදුකරන බවද, එහිදී මීට පෙර ඩෙංගු වැළඳී තිබීම හෝ නොතිබීම පිළිබඳ සලකා බලා නැතැයිද එම සඟරාවේ සඳහන් කර තිබේ.

