
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලියක වෙඩික්කරුවෙකු වු පාතාල සාමාජික වැල්ලේ සාරංග ඇතුළු පුද්ගලයෝ සිව් දෙනෙක් ඩුබායි රටට පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
අත්අඩංගුවට පත්වූවන් අතර වැල්ලේ සාරංග, සංවිධානාත්මක අපරාධ කරුවකු වූ ප්‍රංශයේ සිටින රූබන් නමැත්තා ගේ ගෝලයෙක් , අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් හා තවත් පුද්ගලයෙක් ,වන බව පොලිසිය කියයි

