(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩීසල් සහ භූමිතෙල් සියයට 18 ක වැට් බද්දෙන් නිදහස් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය දෙසැම්බර් 10 වැනිදා ගැනීමට නියමිත බවත් භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමුවී ඇති බවත් අමාත්‍යවරයා කීවේය.
හම්බන්තොට ශ්‍රී ලංකාවේ දෙවැනි තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් ලබන මාසයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

