
(යොහාන් භාසුර)
කොළඹ වරායෙන් පිටත දින හතරක සිට නවතා තිබෙන නෞකාවේ ඇති ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 සඳහා වන ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදල ඊයේ රාත්‍රී ගෙවූ බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
සිංගප්පූරු සමාගමකින් ආනයනය කළ එම තෙල් තොගය හැකි ඉක්මනින් ගොඩබෑමට කටයුතු කරන බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් කීය.

