(යොහාන් භාසුර)
ඉන්දීය ණය යටතේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට පෙරේදා (20) ළගාවූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
මෙම ඩීසල් තොගයත් සමඟ මාස දෙකක් තුළ ඉන්දීය ආධාර යටතේ විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික්ටොන් ලක්‍ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම අමාත්‍යංශය කියයි.

