
(යොහාන් භාසුර)
ජූඩෝ ක්‍රීඩාවෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසු ලබා සිටින ගුවන් හමුදා කෝප්‍රල් චාමර ධර්මවර්ධන ලබන අගෝස්තු මස 1 වැනිදා සිට සැරයන් නිලය දක්වා උසස් කර තිබේ.
හමුදා කෝප්‍රල් චාමර ධර්මවර්ධන 2016 වසරේ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද සහභාගි විය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පසුගියදා චාමර ධර්මවර්ධන අගයමින් ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් ද පිරිනැමීය.


