
ප්‍රවීණ, හාස්‍යොත්පාදක රංගන ශිල්පියෙකු වූ ටෙනිසන් කුරේ මහතා අද(28) මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය.
අසනීපවී සිටීම හේතුවෙන් මීට දින දෙකකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේය.
මොරටුව, විල්ලෝරා වත්ත, අංක 79/1 දරන ඒ මහතාගේ නිවසේ, දේහය තැන්පත් කර ඇත.

