ටිපර් - ත්‍රිරෝද රථ අනතුරින් අයෙක් මරුට


(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්)

දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තල්කිරියාගම ප්‍රදේශයේදී අද (29) මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් වූ රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

මහියංගණය සිට ගිරිඋල්ලට වැලි තොගයක් පටවාගෙන යමින් තිබූ ටිපර් රථයක් හා කොලඹ සිට ලග්ගල මැණික් පතලක බැකෝ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීමට උපකරණ රැගෙන යමින් තිබූ ත්‍රිරොද රථයක් මෙලෙස අනතුරට පත්වී ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරොද රථයේ පසුපස අසුනේ ගමන් කළ 25 හැවිරිදි තරුණයෙකු දඹුල්ල මූලික රොහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර එහි රියදුරුද තුවාල ලබා දඹුල්ල මූලික රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අනතුරින් ත්‍රිරොද රථයට දැඩි ආලභ හානි සිදුවී ඇත.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන අද (29) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.