
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඒ බව වාර්තා කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා එම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත්තේ මීට ටික වේලාවකට අද (2) උදෑසන 10.24ට) පෙරය.
“මටත් , ආර්යාවටත් ‘කොවිඩ්-19’ ආසාදනය වී ඇති බව තහවුරු වුණා. අපි ඉක්මනින්ම නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කරනවා. ඒ වගේම ඉක්මනින් සුව වෙනවා” යැයි එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.
රොයිටර්
055

