අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දියණිය ඉවන්කා මහත්මිය ට්‍රම්ප් ලෝක බැංකුවේ මීළඟ සභාපති ධූරය සඳහා ඉදිරිපත් වීමට සූදානම් බව ධවල මන්දිරය තහවුරු කළේය.
එහි වත්මන් සභාපතිධූරය දරන ජිම් යොන් කිම් මහතා සභාපති ධූරයෙන් ඉවත් වන බව පසුගිය සතියේ ප්‍රකාශ කිරීමත් සමග අනුප්‍රාප්තික තනතුර සදහා ඇගේ නම යෝජනා කර ඇත.
එම තනතුර සඳහා ට්‍රම්ප් මහතාගේ බිරිඳ ඉදිරිපත් වන බවට මුලින් ප්‍රකාශ කර නමුත්, ඒ සඳහා බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් තරග නොවදින බව නිවේදනය කර ඇත.
පසුගිය දෙවසර තුළ ඉවන්කා ට්‍රම්ප් මහත්මිය ලෝක බැංකු නායකත්වය සමඟ ඉතා සමීපව කටයුතු කර ඇති අතර සෘජු අත්දැකීම් නොමැතිවීම නිසා ඇය මෙම තනතුර සඳහා සුදුසුද යන්න පිළිබඳ මතභේද ඉදිරිපත් වී ඇත.
(63226)