(බී.ජී. චතුරංග)
කොළඹ සිට යාපනය දක්වා ටයිල් ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ බියගම සිට අනුරාධපුර දක්වා බීයර් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් එකිනෙක ගැටි අනතුරක් සිදුව ඇතියි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර - පාදෙනිය ප්‍රධාන මාර්ගයේ මොරගොඩ වතුර ටැංකිය ආසන්නයේදි මෙම අනතුර සිදුව තිබේ.
ටයිල් ලොරි රථයේ රියදුරා විඩාව නිවාගැනීම සදහා මොරගොඩ ජල ටැංකිය අසල ප්‍රධාන මාර්ගය අයිනේ රථය නවතා ගෙන සිටියදි කන්ටේනරය නවතා තිබූ ටයිල් ලොරියේ ගැටි මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
ලොරි රථයේ තිබු ටයිල්වලට හානි සිදුව ඇති බවට සැකකරන පොලිසිය බීර ප්‍රවාහනය කන්ටේනරයේ තිබු බීර බෝතල් වලට හානියක් සිදුව නැති බව පවසයි.