ටයිල් චමින්දගේ වාහන 6 ක් සම්බන්ධව රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි


(ටෝනි කරුණානායක )

නාකොටික් නිලධාරීන් කණ්ඩායමක් සමඟ හෙරොයින් ජාවාරම් කරන ලද ටයිල් චමින්ද යන  නාමයෙන් හදුන්වනු ලබන සැකකරුට අයත්  වාහන  06 සම්බන්ධයෙන් වාර්තා වක් ලබා දෙන ලෙස රජයේ රස පරික්ෂකට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා අද (24) නියම කළේය.

මිනුවන්ගොඩ පොලිසියේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රොහාන් මහේෂ් මහතා අද (24) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගත් අධිකරණය එසේ නියම කළේය.
 මිනුවන්ගොඩ පොලිසිය බාරයේ තිබෙන නවීන පන්නයේ කාර් රථ 02ක් ,කැබ්  රථයක්  , වෑන් රථයක් ,ටිපර් රථයක් සහ ත්‍රිවිල් රථයක් සම්බන්ධයෙන් මෙසේ රස පරික්ෂක  වාර්තා කැඳවනු ලැබිය .
 
මෙම වාහන තුළ හෙරොයින් තැවරී තිබේද යන්නත් ,මෙම රථ වල රහස් කුටි ඇත්නම් ඒවා තුළ හෙරොයින් තැවරී තිබේද යන්නත් සහ ඒ සම්බන්ධයෙන් 
වෙනත් මත තිබේද යන්නත් සම්බන්ධයෙන් වාර්තා වක් ලබන 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරික්ෂක ට මිනුවන්ගොඩ අධිකරණයෙන් නියම කෙරුණි .

මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි මල්ලවආරච්චි ගේ චමින්ද දයා ප්‍රියංක මල්ලවආරච්චි හෙවත් ටයිල් චමින්ද නැමැත්තා ඉකුත් 15  වැනිදා  සිට අධිකරණ නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කරනු ලබයි .