ජෝසප් පරරාජසින්ගම් ඝාතන නඩුවේ තීන්දුව බදාදා


(ටි.එල් ජවුෆර්ඛාන්)


දෙමළ ජාතික සන්ධානයේ  හිටපු පාර්ලිමේන්තු   මන්ත්‍රි  ජෝසප් පරරාජසින්ගම් ඝාතන නඩුවේ  නඩු  තීන්දුව ලබන  බදාදා  ප්‍රකාශයට  පත්කරන බව මඩකලපුව මහාධිකරණයේ විනිසුරු ටි. සුසයිදාසන්  මහතා  අද දැනුම් දුන්නේය.

මෙහිදී නීතිපතිවරයා  වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ  නීතිඥ  මෙම නඩුවේ සාක්ෂි ඉදිරිපත් කර ඉදිරියට  ගෙනයාම අවශ්‍ය නොවන බවත්  මෙම නඩුව ඉදිරියට ගෙනයාමට  නීතිපති දෙපාර්මේන්තුව  බලාපොරොත්තු නොවන බවත් අධිකරණයේදී පැවසීමෙන් අනතුරුව  අධිකරණය අද  මෙලෙස ප්‍රකාශ කළේය.

 දෙමළ ජාතික සන්ධානයේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ජෝසප් පරරාජසින්ගම්  2005 වසරේ  දෙසැම්බර්  මස 25 වන දින  මඩකලපුව  ශාන්ත මරියාල්  දේවස්ථානයේදී ඝාතනය කෙරිණි.

මෙම ඝාතනය  සම්බන්ධව නැගෙනහිර  පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී  සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්  නොහොත් පිල්ලයාන් ,  හිටපු පළාත් සභා මන්ත්‍රී  ප්‍රදීප් මාස්ටර්  නොහොත් එඩ්වින්  සිල්වා කිරුෂාන්තන් රාජා  , කජන් මාමා යනු කනහනායගම් හා හමුදා බුද්ධි අංශ නිලධාරි  එම කලීල් හිටපු හමුදා සෙබල  මදුසංඛ  (විනොත්) යන පිරිස් සැකපිට  2015  වසරේ අත් අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගර ගත කර 2020.11.24 වන දින  අප මත නිදහස් කළේය.