
(අංජුල මහික වීරරත්න)
ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධනය සඳහා වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුල්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකාව තුළ සුළු හා මධ්‍යම පරිමාණ කිරි නිෂ්පාදකයින් බල ගැන්වීම සඳහා වන වෙළෙඳපළ පදනම් කර ගත් සුහුරු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. කොළඹ MoveNpick හෝටලයේ දී මෙම වැඩ සටහන පැවැත්විණි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනී ජූලි චංග් මහත්මිය ද සහභාගී වූවාය.
මෙම වැඩ පිළිවෙල යටතේ අප රටේ කුඩා හා මධ්‍යම මට්ටමේ කිරි නිෂ්පාදන කටයුතුවල නිරතවන කිරි ගොවීන් 15,000කට ව්‍යාපාරික කිරි කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට නියමිතය.
මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් මහත්මිය මෙම දේශගුණ සුහුරු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය එක්සත් ජනපද අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන නවතම ව්‍යාපෘතිය බවත්, ශ්‍රී ලංකාවේ කිරි ගොවින් සඳහා තරඟකාරීත්වය හා හොඳ නිෂ්පාදන පුරුදු යටතේ තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා වෙළෙඳපොළ මුලික කර ගත් කිරි නිෂ්පාදන කර්මාන්ත වැඩ පිළිවෙළ විශාල සහයෝගයක් වනු ඇතැයි ද ප්‍රකාශ කළාය.

