(විනීතා එම් ගමගේ)
ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ සේවයේ නියුතු ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ට සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ දායකත්වය ලබාදීම අනිවාර්ය කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.
මේ වනවිට දිවයින පුරා රක්ෂණ නියෝජිතයන් ලෙස සේවය කරන පිරිස 45,000ට ආසන්න බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.
ඉදිරියේ දී කොන්ත‍්‍රාත් පදනමින් සේවය කරන අයද සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට දායක කිරීම අනිවාර්ය වන කිරීම සඳහා ඔවුන්ගේ ඉපයීම් පදනම් කරගෙන සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට ඔවුන් දායක කර ගැනීමේ ක‍්‍රමවේදයක් සැකසීමට කටයුතු කරන බව ද කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඒ සදහා මෙම පිරිස වෙනුවෙන් පළමුවෙන්ම සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට දායක මුදල් බැර කිරීම අනිවාර්ය කෙරෙන නීතිමය රාමුවක් සැකසීමට වහා පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පසුගියදා උපදෙස් දුන් බව ද හෙතෙම කියාසිටියේය.

