ජීවන වියදම පහළ දමන්නැයි පන්දම් විරෝධයක්


(දයාරත්න ඇඹෝගම)

ජීවන වියදම පහත දමන ලෙස ඉල්ලා ජාතික ජනබල වේගය පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අනුරාධපුර,ශ්‍රාවස්තිපුර හන්දියේදි පැවැත්වුණි.

ජාතික ජනබල වේගයේ පාක්ෂිකයන් හා ශ්‍රාවස්තිපුර ප්‍රදේශවාසින් රැසක් පන්දම් දල්වා ගෙන භාණ්ඩ මිල අඩුකරන ලෙසත්,පාසල් උපකරණ මිල පහත දමන ලෙසත් සමාජ මාධ්‍ය පනත හකුලා ගන්නා ලෙසත් රජයට බල කරමින් දිර්ඝ වේලාවක් සාමකාමි උද්ඝෝෂණයක නිරත වුහ‍.

වැට් බදු වැඩි කරමින් ජනතාවට ඔරොත්තු නොදෙන ආකාරයට ජීවන වියදම ඉහළ දැමු මෙම ජන පීඩන ආණ්ඩුව පලවා හැරිය යුතු බව මෙම උද්ඝෝෂණයේදි අදහස් දක්වමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ ජාතික ජනබල වේගයේ අනුරාධපුර නැගෙනහිර සංවිධායක කුමුදු ප්‍රියන්ත මහතා පැවසිය.