(ඉන්දිකා රාමනායක)
හෙරොයින් මත්කුඩු කිලෝ 288 ක පුමාණයක් සමග සැකකරුවන් පස් දෙනෙකු බේරුවල මුහුදේ දී පසුගිය (31) වෙනි දින අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ මෙම මත්කුඩු මෙරටට රැගෙන ඒම මෙහෙය වු බවට තොරතුරු හෙළිකර ගෙන ඇති ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය මහජන සහය පතයි.
මෙම සැකකරු දැනට පොලිසිය මඟ හරිමින් සැඟව සිටින බවද පොලිස් මූලස්ථානය පවසයි.
මාලඹේ තලාහේන , නිසංසලා මාවතේ අංක 128/09 සහ බත්තරමුල්ල උඩුමුල්ල,සල්මල් මාවතේ අංක 522/1/2 යන ලිපින වල පදිංචි කළුදුර චමින්ද තාබ්‍රෙව් හෙවත් බොබ්මාලි (41) නැමැති මෙම සැකකරු බහුදින යාත්‍රා නියමුවෙක් වශයෙන් කටයුතු කරමින් සිටින බවද පොලිසිය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ වරයාගේ 0718 592727 සහ 0112- 3433334 යන දුරකත අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.



