(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ ජාතික රෝහලේ ඊයේ (11) රාත්‍රී ආහාරවේල ලබා දී ඇත්තේ පස්වරු 11.30ට බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එයට හේතු වී ඇත්තේ එදින දහවල් කාලයේදී කාර්යාල සේවකයන් සේවයෙන් ඉවත් වී සිටීම නිසා රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමට අවශ්‍ය වියළි සලාක බාර ගැනීමට වගකිවයුත්තෙක් නොසිටීම බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය. තත්වය කළමනාකරණය කර ගැනීමට හැකියාව තිබුණත් බලධාරීන් නිසියාකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රෝහල් බලධාරීන් කෑම පාර්සල් 2500 ක ඇණවුමක් ආපන ශාලාවකට ලබා දී තිබුණත් එම ආපනශාලාවට කෑම පාර්සල් 2500 ක් පිළියෙළ කිරීමේ හැකියාවක් නොතිබූ බවද රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.මෙම ඇණවුම ආපනශාලා කීපයකට ලබා දී තිබුණේ නම් මෙම තත්ත්වය උද්ගත නොවන බවද ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

