ජාතික පොසොන් සතිය අරඹමින් පැන් පෙරහර ගමන් කරයි


(බී.ජී. චතුරංග)

"දේශය මිථ්‍යාවෙන් මුදා ගනිමු "යන තේමාව මුල් කර ගනිමින් මෙවර ජාතික පොසොන් සතිය ආරම්භ කරමින්, ඓතිහාසික පැන් පෙරහර  ඉසුරුමුණිය රජමහා විහාරස්ථානය අබියසදී ආරම්භ මහමෙව්නා උයන දක්වා ගමන් කළේය.

ඉසුරුමුණිය රජමහා විහාරාධිපති මතව ශ්‍රී සුමංගලනාහිමි ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් මෙහිදී මූලික ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව තිසාවැවෙන් ලබා ගත් පැන් කලගෙඩි ද රැගෙන පැන් පෙරහැර ඉසුරුමුණියේ සිට මහමෙවිනා උයනේ පිහිටුවා ඇති පිරිත් මණ්ඩපය දක්වා ගමන් කළේය .

දින හතක් මුළුල්ලේ සජ්ඣායනා කරනු ලබන පිරිත් දේශනාවෙන් පසුව ලබන 17 වන දින චාරිත්‍රනු කූලව නගරය වටා පැන් ඉසීමෙන් අනතුරුව 18 වන දින පිරිත් නූල් බෙදා දී පිංකම අවසන් කිරීමට කටයුතු යොදා තිබේ .

මෙම පෙරහැර අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර , අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.